සජිත්ගෙන් ගිලන් හිමිවරුන්ට නොමිලේ ප්‍රතිකාර

සම්බුද්ධ ශාසනය සුරක්ෂා කරන භික්ෂුන් වහන්සේලා රෝගී වූ විට නොමිලේ ප්‍රතිකාර ලබාදීම සඳහා රට පුරා භික්ෂු ගිලින් මධ්‍යස්ථාන ඇති කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

මහනුවර නගරයේ ඊයේ (12) පැවැති ජන හමුවකදී ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියේ සම්බුද්ධ ශාසනයේ මුරදේවතාවුන් වන සඟ පරපුර ආරක්ෂා කරගැනීම තම අපේක්ෂාව බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රේමදාස මහතා,

“අද මම වැදගත් අදහසක් ඉදිරිපත් කරනවා. අපේ භික්ෂුන් වහන්සේලාට ඇප උපස්ථාන කිරීමේ භික්ෂු ගිලන් මධ්‍යස්ථාන ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ නායකත්වයෙන් නුවර බලප්‍රදේශයේ ඒ ඓතිහාසික වැඩපිළිවල ආරම්භ කළා.එම වැඩසටහන තව දුරටත් රටපුරා ක්‍රියාත්මක කර, සම්බුද්ධ ශාසනයේ මුර දේවතාවන් වන අපේ ගෞරවනීය, වන්දනීය, පුජනීය මහා සංඝරත්නය ගිලන් වූ හැම අවස්ථාවකදීම, අසරණභාවයට පත්වූ හැම අවස්ථාවකදීම නොමිලේ ප්‍රතිකාර ලබාදෙන්න භික්ෂු ගිලන් මධ්‍යස්ථාන රට පුරාම ආරම්භ කරනවා” යනුවෙන් සඳහන් කර සිටියා.

Visits: 40

You may also like...