ඉරානයට බැරල් බිලියන 53ක තෙල් නිධියක්

බොර තෙල් බැරල් බිලියන 53ක පමණ ධාරිතාවයකින් යුතු තෙල් නිධියක් හමුව ඇතැයි ඉරාන ජනාධිපති හසන් රොව්හානි පවසනවා.

ඉරාන – ඉරාක දේශසීමාව ආසන්නව පිහිටි කුසෙස්තාන් පළාතේ කිලෝමීටර 2,400ක භූමි ප්‍රදේශයක් පුරා පැතිර ඇති මෙම නිධිය කිලෝමීටර 80ක් පොළොව අභ්‍යන්තරයේ පිහිටා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

නමුත් අමෙරිකාව ඉරානයට පනවා ඇති සම්බාධක හේතුවෙන්, කොතරම් බහුලව තෙල් නිධි හමුවුවද ඒවා අලෙවි කිරීමේ ගැටළුවකට ඉරානය මුහුණ දී තිබෙනවා.

Visits: 128

You may also like...